Wednesday, October 23, 2013

1.අයින්ස්ටයින් නිවුන්නු හා ක්ලෝන...

සමහර නිවුන්නු දෙන්නාම එක වගේ. එක යුක්තානුව දෙකට බෙදිලා වෙන් වෙලා වෙන වෙනම  හැදුනාම දරැවෝ දෙන්නෙක් බිහිවෙනවා.. මොවුන්ට කියන්නේ සම නිවුන්නු කියලා. එහෙම නම් නිවුන් අයියයි නoගියි උපදින්නේ?ඩිම්බකෝෂ දෙකන් ඩිම්බ දෙකක් එකම වෙලාවේ පැලෝපීය නාල දෙකෙන්ම එනවා.. ශුක්‍රාණු දෙකක් එකම වෙලාවේ දෙපැත්තට යනවා.. දෙකම එක වර සoසේචනය වෙලා යුක්තාණු දෙකක් ඇතිවෙනවා.. කලල දෙකක් හැදිලා ගර්භාෂයට ඇවිල්ලා එකවර අධිරෝපනය වෙනවා..

සම නිවුන්නු දෙන්නාගේ DNA එක වගේ. RNA එක වගේ. ප්‍රෝටීන එක වගේ. ඒත් පුදුමය කියන්නේ ඇගිලි සලකුණු හා අත් පා රේඛා වෙනස්. එහෙනම් මේක තීරණය කරන්නේ DNA නෙවෙයි.. විද්‍යාඤයෝ කියන්නේ මේක වෙනස් වන්නේ මවු කුස තුලදීය කියලයි.. මවගේ ගර්භාෂය තුල කලලය වැඩෙන විට ගර්භාෂයෙන් අති වන විවිධ තෙරපීම් ආදිය මේකට හේතු වන බව කියවෙනවා..

DNA කියන්නේ වර්ණදේහවල. වර්ණදේහ තියෙන්නේ න්‍යෂ්ටියේ. ඒවායේ තමා ජාන තියෙන්නේ. මේ ජාන තමයි පරම්පරාගත   ලක්ෂණ මතු කරන්නේ..

මේ ගැන පොඩ්ඩක් හිතන්න..  

සම නිවුන්නුන්ගේ DNA සමානයි.. ඒ හින්දා දෙන්නා එක වගේ.  යුක්තාණුවක න්‍යෂ්ටිය දියකරගන්නවා.. ඊට පස්සේ  අපට ඕන න්‍යෂ්ටිය ඇතුළු කරලා යුක්තාණුවක් හදාගන්නවා..නලයක් ඇතුලේ මේ යුක්තාණුව  කලලයක් බවට විකසනය කරගන්නවා.. ගර්භාෂයක  තැන්පත් කරලා දරැවෙක් බිහිකරගන්නවා.

මේ දරැවා න්‍යෂ්ටිය හිමි පුද්ගලයාට 100% ක් සමානයි. හිතන්න ඒ න්‍යෂ්ටිය අයිස්ටයින්ගේ කියලා. එහෙනම් ඒ අය අයිස්ටයින් වගේම වෙයි.. මේ වගේ අයට කියන්නේ ක්ලෝන කියලා..කිලෝන බිහිකරගැනීමෙ ක්‍රියාවලිය ක්ලෝනීකරණය නම් වෙනවා..


ඕන නම් මේ වගේ අය හදලා විකුණන්නත් පුළුවන්..  එහෙම වෙන්න බැරි කමකුත් නෑ නේද???